කේරළයේ ඊළවාස ජනයාගේ සිංහල සම්භවය පිළිබද දේශපාලන හා සංස්කෘතික මතවාදය
ඊළ, ඊළම යන වචනය පුරා වසර 35කට අධික කාලයක් ලංකාව තුළ පැවති ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය තුළ තර්කයට ලක් වු මතභේදාත්මක වචනයකි. ඒ සම්බන්ධ වන දරන්ණන් දකුණු ඉන්දීය සෙල්ලිපි කිහිපයක් උපුටා දක්වමින් කියා සිටින්නේ පුරාණ ලංකාව තුළ ඊළාම් නැමැති වෙනම රාජ්‍යයක් පැවත ඇති බවය. ඔවුන් මේ සම්බන්ධ ලංකාව තුළ ඊළාම් නැමැති වෙනම රාජ්‍යයක් පැවත ඇති බවය. ඔවුන් මේ සම්බන්ධ ඉදිරිපත් කරන ප්‍රධානම මුලාශ්‍රය වන්නේ ක්‍රි.පු පළමු වැනි සියවස තුළ ලියවුණු තිරුප්පන්කුන්රාම් හි ඇති බ්‍රාහ්මීය සෙල්ලිපියකි. එහි පාදක සටහන් තුළ ඊළ යන වචනයට දෙමළ සාහිත්‍යය තුළ පවතින නිරුක්තීන් කිහිපයක් පවති. නමුත් තිරුප්පන්කුන්රාම් සෙල්ලිපිය උපුටා දක්වමින් වැරදි අර්ථයකින් ඊළාම් නම් වෙනම රාජ්‍යයක් ලංකාව තුළ පැවති බව කියන ඊළ යනු රා මදින්නන්ගේ කුලය යන නිරුක්තිය සගවා තබයි. මහාවංශය හෝ යාපන වංසකතාව තුළ ඊළාම් යැයි වෙනම රාජ්‍යයක් තිබූ බවට සාක්ෂි නොවන අතර එළු සදැස් ලකුණ ඊළ යනු හෙළය එනම් සමස්ත ලංකාවම යන අදහසට සාක්ෂි දරයි. මෙය තවදුරටත් පැහැදිළි කරගත හැක්කේ කේරළයේ ඊළවාස ( Ezhava ) ජනයාගේ සිංහල සම්භවය පිළිබදව අධ්‍යනයකට හසුකර ගැනීම තුළය. කේරළයේ වෙසෙ...