කේරළයේ ඊළවාස ජනයාගේ සිංහල සම්භවය පිළිබද දේශපාලන හා සංස්කෘතික මතවාදය
ඊළ, ඊළම යන වචනය පුරා වසර 35කට අධික කාලයක් ලංකාව තුළ පැවති ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය තුළ තර්කයට ලක් වු මතභේදාත්මක වචනයකි. ඒ සම්බන්ධ වන දරන්ණන් දකුණු ඉන්දීය සෙල්ලිපි කිහිපයක් උපුටා දක්වමින් කියා සිටින්නේ පුරාණ ලංකාව තුළ ඊළාම් නැමැති වෙනම රාජ්‍යයක් පැවත ඇති බවය. ඔවුන් මේ සම්බන්ධ ලංකාව තුළ ඊළාම් නැමැති වෙනම රාජ්‍යයක් පැවත ඇති බවය. ඔවුන් මේ සම්බන්ධ ඉදිරිපත් කරන ප්‍රධානම මුලාශ්‍රය වන්නේ ක්‍රි.පු පළමු වැනි සියවස තුළ ලියවුණු තිරුප්පන්කුන්රාම් හි ඇති බ්‍රාහ්මීය සෙල්ලිපියකි. එහි පාදක සටහන් තුළ ඊළ යන වචනයට දෙමළ සාහිත්‍යය තුළ පවතින නිරුක්තීන් කිහිපයක් පවති. නමුත් තිරුප්පන්කුන්රාම් සෙල්ලිපිය උපුටා දක්වමින් වැරදි අර්ථයකින් ඊළාම් නම් වෙනම රාජ්‍යයක් ලංකාව තුළ පැවති බව කියන ඊළ යනු රා මදින්නන්ගේ කුලය යන නිරුක්තිය සගවා තබයි. මහාවංශය හෝ යාපන වංසකතාව තුළ ඊළාම් යැයි වෙනම රාජ්‍යයක් තිබූ බවට සාක්ෂි නොවන අතර එළු සදැස් ලකුණ ඊළ යනු හෙළය එනම් සමස්ත ලංකාවම යන අදහසට සාක්ෂි දරයි. මෙය තවදුරටත් පැහැදිළි කරගත හැක්කේ කේරළයේ ඊළවාස ( Ezhava ) ජනයාගේ සිංහල සම්භවය පිළිබදව අධ්‍යනයකට හසුකර ගැනීම තුළය. කේරළයේ වෙසෙන ඊළවාස ජනතාව භාෂ්කරචර්ම රාජ්‍යය සමය තුළ චේර රාජ්‍යයට යුධ ආධාර පිණිස ලංකාවෙන් යැවු බටපිරිස්වලින් පැවතෙන්නන් වන අතර කේරළයට පොල් වගාව ව්‍යාප්ත බවට ප්‍රවාද වෙති. මෙතෙක් දෙමළ නිජබිම් සංකල්පය තුළ යෙදෙන ඊළාම් යන වචනයේ පැහැදිළි නිරුක්තියක් හා ඒ සම්බන්ධ කේරළයේ ඊළවාස ජනයාගේ සිංහල සම්භවය පිළිබදව ශාස්ත්‍රීය මට්ටමෙන් කෙරෙන විග්‍රහයන් ඉතා සීමිතය. මෙම අධ්‍යනයේ අරමුණ වුයේ මෙතෙක් අවධානයට හසු නොවු කේරළයේ ඊළවාස ජනයාගේ සිංහල සම්භවය පිළිබද සංස්කෘතික හා දේශපාලන බලපෑම අධ්‍යනයට හසුකර ගැනීමයි. ඒ හරහා මතභේදයක්ව පැවතින ඊළාම් නිජබිම් සංකල්පය ශාස්ත්‍රීයව අභියෝගයට ලක්කරනු ලැබේ. මෙහි දත්ත රැස්කිරීම ද්විතීක මුලාශ්‍ර පදනම්ව සිදුකර ඇත. එහිදී සාහිත්‍ය විමර්ශන සදහා ඓතිහාසික මුලාශුය කිහිපයක් මත පදනම්ව අධ්‍යනය සිදුකර ඇත. එම මුලාශ්‍රවල කාල නිර්ණයන් හා සිද්ධි සමගත කිරීම තුළින් උක්ත අධ්‍යන තේමාව පිළිබදව නව පවසරියක් ගොඩනගා ඇත. එම වපසරිය තුළ උපකල්පනය කළ කරුණු කාලනිර්ණ හා සිද්ධි අනුව ප්‍රත්‍යක්ෂ කර ඇත. මෙම අධ්‍යනය සමාජගත වීම හරහා සිදුවන ඊළාම් නිජබිම් සංකල්පය ශාස්ත්‍රීයව බැහැරවීම තුළ තවදුරටත් විජාතීය බල ව්‍යාපෘති විසින් පෝෂණට කරන බෙදුම්වාදී ව්‍යාපාර ගොඩනගන මතය නිශේදනය වී යනු ඇත.
Author: Senanayake,N.S, Department of Social Science and Huminities, Rajarata University, Sri Lanka
Published By: 5th Undergraduate Research Symposium on Archaeology , Rajarata University, Sri Lanka

Comments
Post a Comment